ADULT BASIC LIFE SUPPORT

ඔයාලා කාගේ හරි ජිවිතයක් බේරාගෙන තියෙනවාද ?
එතකොට දැනෙන සතුට අත්විඳීමට අවස්තාවක් ලැබිල තියෙනවාද ?
කොහොමද එහෙම කරන්නේ ???
අද අපි කතා කරන්නේ එක ගැන තමා .

Adult Life Support

මේකේ කොටස් 2 ක් තියෙනවා

  1. Basic Life Support
    2.Advance Life Support

Basic Life Support

මේක අපි හැමොම දැනගත යුතුම දෙයක් .
ගොඩාක් දෙනෙක් දන්නවා ඇති .එහෙනම් ටිකක් මතක් කර ගමු.

විවිධ හේතු නිස හදිසියේම කෙනෙක් සිහිසුන්ව ප්‍රතිචාර නොදක්වා සිටිය හැක.
( Collapsed patient )
මෙය හදිසි හෘද ආබාධයක් ( Heart Attack ) , හදිසි අනතුරක් ( Road traffic accident ) දියෙ ගිලීම ( Drowning ) විෂවීම ( poisoning ) රුධිරයේ සිනි අඩු හො වැඩි විම ( Hypoglycemia or Hyperglycemia ) ශරිරයෙ උෂ්ණත්වය අඩු හො වැඩි විම ( Hypothermia or Hyperthermia ) රුධිරයේ පොටැසියම් අඩු හො වැඩි විම ( Hypokalemia or Hyperkalemia ) මෙන්ම තවත් හේතු ගනනාවක් විය හැක.

මෙම හේතු වලින් බොහොමයක් නැවත යතා තත්වයට පත්කල හැකිය . (Reversible ).

ඉතින් මොකද්ද ප්‍රශ්නය ???

කුමන හෙතුව නිසා හරි මොලයට හා අනිත් වැදගත් අවයව වලට රුධිරය ඔස්සේ ලැබෙන ඔක්සිජන් නැවතුනොත් එම අවයව මිය යනවා . ඔක්සිජන් නැතුව මොලය විනාඩි 2 ක් , හෘදය විනාඩි 5 ක් අක්මාව හා වකුගඩු විනාඩි 30 ක් තිබුනොත් එවා මිය යනවා .
ඉතින් Reversible cause එකක් උනත් නිවරදි කරන්න පරක්කු උනොත් තේරුමක් නැහැ .

මෙහෙම හිතමු, අපේ හිතවත් කෙනෙකුට හදිසි හෘද ආබාධයක් හැදිලා සිහිසුන්ව ප්‍රතිචාර නොදක්වා සිටිනවා. රොහලට ගෙනියන්න විනාඩි 30 ක් විතර යනවා .
මොකද කරන්නේ ???

රොහලට ගෙනියනකල් මොලය හා අනිත් වැදගත් අවයව රැක ගන්න මොකද කරන්නේ ???

එකට තමා Basic Life Support තියෙන්නේ .

එහෙනම් basic life support එකේ අරමුණ මොලයට හා අනිත් වැදගත් අවයව වලට රුධිරය සැපයුම නොනැසී පවත්වා ගැනීම මගින් ඔක්සිජන් සැපයුම.

Dr Prabath Wijesooriya

Leave a comment