අපි කලින් කතා කලා Adult Basic Life Support වල වැදගත්කම.
අද අපි බලමු කොහොමද ABLS කරන්නේ කියලා .
එකෙ පියවර ටික DR’SABCD කියලා මතක තියාගන්න පුලුවන් .
D – Danger
R – Response
S – Shout for help
A – Airway
B – Breathing
C – Circulation
D – Defibrillation
Danger
රොගියා සිටින තැන ආරක්ෂා සහිතද ? කියලා බලන්න ඔනා. මාර්ග අනතුරකදී , විදුලි සැර වැදීමකදි අපි මුලින්ම රොගියා ආරක්ෂිත තැනකට ගන්න ඕනෑ.
Response
අපි රොගියා අසලට ගිහින් කතා කරනවා.
ඇස් අරින්න
ඔයාට මාව ඇහෙනවාද ?
එයා ප්‍රතිචාර දක්වනවාද කියලා බලනවා.
A – Alert
V – Verbal
P – Pain
U – Unresponsive
Shout for help
රොගියා ප්‍රතිචාර නොදක්වා සිටිනවා නම් , වහාම උදව් ඉල්ලා කැගහලා , ඉක්මනින් ඊලඟ පියවට යනවා.
Airway
යම් පුද්ගයෙක් සිහිසුන්ව සිටින විට එයාගෙ දිව ආපස්සට වැටිලා ශ්වසන මාර්ගය අවහිර වෙනවා. මෙනිසා ශ්වසන මාර්ගය විවෘත කරගන්න Head tilt හා Chin lift කරනවා.
Head tilt – අපෙ එක අතක් බොහෝ විට වම් අත රොගියගෙ නලල මත තබාගෙන රොගියගෙ හිස පිටුපසට තද කරනවා.
Chin lift – අපේ දකුණු අතේ ඇගිලි තුඩු රොගියාගේ නිකට යටින් තබා නිකට උඩට ඔසවනවා.
Breathing
රොගියගෙ ශ්වසන මාර්ගය විවෘතව තබාගෙන අපි ඔහු හුස්ම ගන්නවාද කියා බලනවා.
Look Listen Feel for normal breathing
අපි අපෙ වම් කන රොගියගෙ නහය අසලට ලන්කරන් ඇස් රොගියගෙ පපුවට යොමු කරනවා.
එවිට හුස්ම ගන්නවිට පපු ප්‍රදේශයේ චලනය දැකගැනිමටත් ප්‍රාශ්වාස වාතය කම්මුලට වදින බව හා එහි හඩ කනට දැනේවි.
මේ සදහා තත්පර 10 කට වඩා වැය කරන්න එපා.
Circulation
රොගියා හුස්ම ගන්නවා නම් , ඔහුගේ නාඩි පරික්ෂා කරනවා.
Defibrillation
AED ( Automatic External Defibrillator ) පහසුකම් තිබේ නම් , එය සම්බන්ධ කරනවා.
මෙය අලුත් ambulance වල තියෙනවා.
රොගියා හුස්ම නොගනී නම් වහාම CPR Cardio Pulmonary Resuscitation පටන් ගන්න ඕනෑ. එහි කොටස් 2.
Chest compression හා rescue breaths
Chest compression
රොගියගෙ ලන්ග අපි දන ගහගෙන අපේ එක අතක් ( බොහෝ විට වම් අත ) රොගියගෙ පපුව මැද තියෙනව.එනෙක් අත කලින් අත උඩින් තියෙනවා.දැන් අත් දෙක කෙලින් තබාගෙන 5-6 cm පපුව එබෙන්න , විනාඩියක ට 100-120 වගේ වේගයකින් රොගියගෙ පපුව තෙරපනු ලැබේ.
තෙරපුම් 30 කට පසු Rescue breaths ලබා දෙනු ලැබේ. අපි හොඳ හුස්මක් අරගෙන රොගියගෙ මුවට ලන්කරන් නහය වසා රොගියගෙ පපුව පිරෙන්න පිබින්න.
මෙවැනි හුස්ම 2 ලබාදී නැවත තෙරපුම් ලබා දෙන්න.
30:2 අනුපාතයට නොනවත්වා කරන්න.
හුස්ම ලබාදීමට නොහැකි නම් තෙරපුම් හෝ නොනවත්වා ලබා දෙන්න.
රොගියා රෝහලට ගෙනියනකල් මෙය නොකඩවා කලයුතු වෙනවා.
රුධිරයේ ඔක්සිජන් නැතුව මොලය විනාඩි 2 , හෘදය විනාඩි 5 , වකුගඩු විනාඩි 30 වැනි කාලයකදී මිය යා හැකි නිසා නොනවත්වා CPR දිය යුතුය.
ඔබත් පුරුදු වෙන්න.
ජිවිතයක් බේරාගන්න.
Dr Prabath Wijesooriya
